බිත්තර සුදු මදෙයි කහ මදෙයි එක වගේ නෑ.. හැමදාම කන එක හොඳයි ද?. කෑවට මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?.

Healthy Food Recipes Sri lanka Food Recipes Egg Latest Headlines Decision Making
By krishani Dec 22, 2024 12:18 PM GMT
krishani

krishani

Report

බිත්තර යනු ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරන ආහාර වලින් එකකී.

ඉතිම් බිත්තර කියන්නෙ අපේ ආහාර වේලට නිතරම එකතු වෙන ආහාරයක්.

අපිට ඇති වෙන ප්‍රධාන ගැටළු වලින් එකක් තමයි හැමදාම බිත්තර කන්න හොඳ ද?.

ගුණදායක ද?

බිත්තර ගතහොත් සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් ප්‍රෝටීන 6g කට ආසන්න ප්‍රමාණයකින් වගේම ප්‍රධාන වශයෙන් විටමින් A, විටමින් D, විටමින් E, විටමින් B12, විටමින් B9 (ෆෝලේට්) සහ ලුටෙයින් යන පෝෂක වලින් අනූනයි.

එමෙන්ම, විටමින් A, ඔබේ ඇස් වල නීරෝගී බව සහ පෙනීම වැඩිදියුණු කර, පරිවෘත්තීය ක්‍රියා සහ සෛලවල වර්ධනය උත්තේජනය කරන්නත්, විටමින් E, ඔක්සිකාරක හානි වලින් සෛල වලට ඇතිවිය හැකි විවිධ හානි වැළැක්වීමට ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත්, විටමින් B12, ස්නායු සෛල සහ රුධිර සෛල නීරෝගීව පවත්වා ගැනීමටත්, විටමින් D, රුධිර පීඩනය අඩු කරන්න, මානසික ඒකාග්‍රතාව පවත්වා ගන්න, අස්ථි වල ශක්තිමත් බව පවත්වාගන්නත්, විටමින් B9, නව රතු රුධිරාණු ඇතිවීම උත්තේජනය කරන්න වගේම ගර්භණී සමයේ කළලයේ නීරෝගී වර්ධනයටත් උපකාරී වේ.

අලුතෙන්ම ගෙන්නන වන්ඩියක් ගන්න එක හීනයක්ම වෙයි ද?. වාහන මිල ඇස් උඩ යන ගාණකින් ඉහළට..

අලුතෙන්ම ගෙන්නන වන්ඩියක් ගන්න එක හීනයක්ම වෙයි ද?. වාහන මිල ඇස් උඩ යන ගාණකින් ඉහළට..

බිත්තර සුදු මදයේ සහ බිත්තර කහ මදයේ අඩංගු වන්නෙ එකිනෙකට වෙනස් පෝෂ්‍ය පදාර්ථ වේ.

බිත්තර සුදු මදයේ බිත්තර වල අඩංගු සම්පූර්ණ ප්‍රෝටීන ප්‍රතිශතයෙන් 60% ක් අඩංගු වේ.

එමෙන්ම, බිත්තර කහ මදයේ වැඩිපුරම කොලෙස්ට්‍රෝල් අඩංගුව පවති.

මෙයට අමතරව හිස කෙස් සහ සමේ නීරෝගී බව ආරක්ෂා කරන්න, හදවත නීරෝගී කරන්න සහ ශරීරයට අවශ්‍ය ශක්තිය උපකාරී වෙන පෝෂකත් බිත්තර වල අඩංගු වෙනවා.

ඉතිම් හැමදාම බිත්තර කන්න හොඳ ද?

ඔබට හෘද වාහීනි ආශ්‍රිත රෝග නැත්නම් ඒ වගේම ඔබේ රුධිරගත කොල්ස්ට්‍රෝල් මට්ටම නියමිත ලෙස පවතිනව නම් දවසකට බිත්තරයක් ආහාරයට ගැනීමේ ගැටළුවක් නොමැත.

ඔබට බිත්තර සුදු මද දෙකක් සහ බිත්තර කහමද එකක් දිනකට ආහාරයට ගත හැකිය.

හෘද වාහීනී ආශ්‍රිත රෝග වලින් සහ රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටම සෞඛ්‍යාරක්ෂිත නොවන මට්ටමක පවතින ඔබ, ආහාරයට ගන්න බිත්තර ප්‍රමාණය සතියකට බිත්තර තුනකට හෝ හතරකට සීමා කිරීම වඩා ආරක්ෂිතයි.

ඒ කොහොම වුනත් දිනකට බිත්තර කහ මද එකක් පමණක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු බව අපි ඔබට මතක් කරන්න කැමතියි.

රෝකට් වේගයෙන් ඇදිලා ගිය මාළු මිල.. ආසාවට කෑල්ලක් කාලත් හමාර ද?. වෙනස් වුණ මිල මෙන්න..

රෝකට් වේගයෙන් ඇදිලා ගිය මාළු මිල.. ආසාවට කෑල්ලක් කාලත් හමාර ද?. වෙනස් වුණ මිල මෙන්න..

ඒ බිත්තර කහ මදයේ ඇති සංතෘප්ත මේදය, රුධිරයේ LDL කොලෙස්ට්‍රෝල් (ශරීරයට අහිතකර කොලෙස්ට්‍රෝල්) මට්ටම වැඩි කරන්න හේතුවෙන්න පුළුවන් නිසයි.

බිත්තර ආහාරයට ගනිද්දි තෙල් එකතු කර ඔම්ලට් හෝ බිත්තර බුල්ස් – අයි ක්‍රමයට පිස ආහාරයට ගන්නවට වඩා බිත්තර තම්බා හෝ පෝච් (poach) ක්‍රමයට පිසගෙන ආහාරයට ගැනීම කළ හැකිය.

ඔබට හෘද රෝග, දියවැඩියාව හෝ කොලෙස්ට්‍රෝල් ඇත්නම් එහෙමත් නැත්නම් ඔබ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයෙක් නම් සතියකට ආහාරයට ගත යුතු බිත්තර ප්‍රමාණය ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර අවබෝධයක් ගැනීම සුදුසු වේ.

වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...

වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...

එමෙන්ම, රුධිරයේ කොල්ස්ට්‍රෝල් මට්ටම වැඩි කරන එකම හේතුව ඔබ ආහාරයට ගන්න බිත්තර හෝ බිත්තර කහ මදය පමණක්ම නොවේ.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනී 

You May Like This Video👇 


.


ReeCha