බිත්තර මිල රු.50 දක්වා ඉහළට? සත්ත්ව නිෂ්පාදන මිලත් ඉහළ යන ලකුණු

Report

කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් පවසන්නේ නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා බිත්තරයක් ඉදිරියේදී රුපියල් 50 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

ඒ අනුව බිත්තරයක සිල්ලර මිල රුපියල් 47 ත් 48 ත් අතර මිලක් දක්වා මේ දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අලෙවි වන බව වාර්තා වේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පවසන්නේ බඩ ඉරිඟු ආනයනය සඳහා ලබාදී තිබූ බලපත්‍ර අවලංගු කිරීම නිසා සත්ත්ව ආහාර සඳහා බඩ ඉරිඟු සපයා ගැනීම අර්බුදයක් බවට පත්ව ඇති බවයි.

එමෙන්ම වැඩිදුරටත් ඔහු පැවසුවේ සත්ත්ව ආහාර මිල ගණන්ද මේ වනවිට සියයට 10 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 95 ක් පමණ වුවද මේ වනවිට දෛනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 70 ක් දක්වා අඩුවී ඇති බවත්ය.

මීට අමතරව පවතින කාලගුණික තත්ත්වය අනුවද බිත්තර නිෂ්පාදනය අඩුවන බවද සභාපතිවරයා කියා සිටියේය.

ලංකාවේ මුහුදු ප්‍රදේශ හදිසියේම කැළඹෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ලංකාවේ මුහුදු ප්‍රදේශ හදිසියේම කැළඹෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්