ඔබත් මස් කනවද..? එසේනම් පරිස්සමෙන්.

By Sithumi Nov 20, 2021 02:52 PM GMT
Sithumi

Sithumi

Report

ලෝකයේ අඩුම පිළිකා තත්වයෙන් යුත් අය වන්නේ නිර්මාංෂ හෝ නිර්මාංෂ වලට ආසන්න ආහාර ගන්නා තැනැත්තන්ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික පිළිකා ආයතනය පවසන අන්දමට පිළිකාවලින් ඇමෙරිකාවේ සිදුවන මරණවලින් තුනෙන් එකකට හා සියලු පිළිකා වලින් සිදුවන මරණවලින් දහයෙන් අටකට ආහාරවල සම්බන්ධතාවක් පවතී.

පිළිකා වළක්වාලීමට මෙම ආයතනය මගින් දක්වා ඇති මගපෙන්වීම්වලට නිර්මාංෂ ආහාර බොහෝ දුරට ආසන්න වේ. සමහර ඇස්තමේන්තුවලට අනුව පිරිමින්ට වැලඳෙන පිළිකාවලින් 30% -40% ක් පමණද, ගැහැනුන්ට වැලඳෙන පිළිකාවලින් 60% ක් පමණ ද, ආහාරමය හේතු නිසා හටගන්නා ඒවා වේ. 

බටහිර පන්නයට අයත් ආහාර ගන්නා යුරෝපීයයන්ට හා ඇමෙරිකානුවන්ට වඩා ආසියානුවන්ට හා අප්‍රිකානුවන්ට, පියයුරු පිළිකා වැලඳීමේ අවදානම අඩු බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ. පහත දැක්වෙන හේතු නිසා නිර්මාංෂ ආහාර පියයුරු පිළිකාවලින් ආරක්ෂා කරන බවට සාක්ෂි ලැබී ඇත

01. නිර්මාංෂ ආහාර ගන්නන්, පියයුරු පිළිකා අවදානම වැඩිකරන, අඩු රුධිර ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම්වලින් යුක්ත වේ. 

02. නිර්මාංෂ ආහාර ගන්නන්ට පොදුවේ ගත්කල ඔසප් වීම මඳක් පසුව සිදුවන අතර ඔසප් කාලසීමාව අතර කාලය අන් අයට වඩා දීර්ඝය. ආහාරමය මේද ඔසප් චක්‍රය කෙටිකරන අතර, තන්තු මගින් එය වැඩිකරයි. 

03. ඊස්ට්‍රජන්වල ක්‍රියාකාරිත්වයට (oestrogens) සෝයා ආහාර පරිභෝජනය මගින් අවහිර කරන අතර, පිළිකාවලට එරෙහිව ක්‍රියාකරන ඉසොෆෙල්වන්ස් නම් රසායන සෝයා බෝංචිවල අඩංගු වේ. බීටා කැරොටීන්, විටමින් සී, කැල්සියම් හා ආහාරමය තන්තුවලින් පොහොසත් කොළ සහ කහ පැහැති එළවළු දිනපතා ආහාරයට ගැනීමෙන් පිළිකා අවදානම අඩුවෙන බව, හර්යානාහිදී කර ඇති පර්යේෂණවලින් හෙළි වී තිබේ. 

සත්ව ප්‍රෝටීන් ආහාරයට ගැනීම හා පියයුරු පිළිකා අතර දැඩි සම්බන්ධතාවක් පවතින බවද මෙහිදී අනාවරණය වී ඇත.(වසංගත රෝග පිළිබඳ ඇමෙරිකානු ජර්නලය) මහබඩවැල පිළිකා වෙනත් පිළිකාවලට වඩා මහබඩවැල පිළිකාවලට ආහාරයේ දැඩි සම්බන්ධතාවක් පවතින අතර, නිර්මාංෂ ආහාර ගන්නන්, මේ රෝගයට ගොදුරුවීමේ අවදානම අඩුය. 

(ජාතික පිළිකා ආයතන ජර්නලය) මස් ආහාරයට ගන්නන් මෙන් නොව නිර්මාංෂ ආහාර ගන්නගේ මහබඩවැල සෛල අඩු ක්‍රියාකාරිත්වයකින් යුක්ත වේ. (මහබඩවැල සෛලවල බෙදීම වැඩිවන තරමට පිළිකා වැලඳීමේ අවදානමද වැඩිවේ.) නිර්මාංෂ ආහාර ගන්නන් හා සසඳා බලන විට, පිළිකාකාරක වන ද්විතීයික පිත්ත අම්ල, සර්ව භක්ෂකයන් omnivorous තුළ වැඩිය. 

උපද්‍රව රහිත පිත්ත අම්ලය පිළිකා කාරකයන් බවට පරිවර්තනය කරන බැස්ටීරියා, නිර්මාංෂ ආහාර නොගන්නන් සමග සසඳා බලන විට නිර්මාංෂ ආහාර ගන්නන් තුළ ඇත්තේ අඩු ප්‍රමාණයකි. අන්තස්‍රෝත (oesophagus) හා ආමාශ පිළිකා දුම්පානය හා මත්පැන් පානය අන්තස්‍රෝත පිළිකා හටගැනීමට තුඩුදෙන ප්‍රධාන හේතුවක් වුවද, විටමින් ඒ හා සී ඌනතාවත් මේ පිළිකා හටගැනීමත් අතරද සම්බන්ධතාවක් පවතී. 

පලතුරු හා එළවළු අඩුවෙන් ආහාරයට ගැනීම මුඛ කුහරයේ පිළිකා හටගැනීමට සම්බන්ධතාවක් පවතී. පිළිකාවලින් ආරක්ෂා කරන බීටා කැරොටීන් වැඩි රුධිර මට්ටමක් නිර්මාංෂ ආහාර ගන්නන් සතුව පවතින බවද අනාවරණය වී තිබේ. අන්තස්‍රෝතයේ හා ආමාශයේ පිළිකා, පොලිපෙනොල්ස් මගින් වළක්වන අතර, නිර්මාංෂ නොවන ආහාරයන්හි ප්‍රබල පිළිකා කාරක අඩංගු වේ.

පුරස්ථි ග්‍රන්ථි පිළිකා 

 ඇමෙරිකාවේ පිරිමින් අතර පුරස්ථි ග්‍රන්ථි පිළිකාව වැඩි වශයෙන් දක්නට ලැබෙන දෙවන රෝගාබාධය වන අතර සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් නිකායට අයත් පිරිමින් තුළ පොදු ජනගහනය සමග සසඳා බලන විට මෙය වැඩි වශයෙන් දක්නට නොමැති බව පෙනී ගොස් තිබේ. නිර්මාංෂ ආහාර ගැනීම මෙයට හේතුව බව මෙයින් හෙළිවේ

. (සායන පෝෂණය පිළිබඳ ඇමෙරිකානු ජනලය) තන්තු අධික වශයෙන් ආහාරයට ගැනීම මගින් පුරස්ථි පිළිකා අවදානම අඩු කරන අතර මේය වැඩියෙන් ගැනීම මේ අවදානම වැඩි කරයි. (පිළිකා සගරාව 1986-58 වැනි වෙළුම) ගෝවා, රාබු වැනි සාර්ෂප ගණයට අයත් ශාක (cruciferous plants) ඉන්ද්‍රිය ගණනාවකට වැලඳෙන පිළිකා අවදානම අඩු කිරීමට සමත් ක්‍රියාකාරි ශක්තියකින් යුක්ත බව 2006 ජූලි මාසයේදී බෙක්ස්ඩාහි පැවති ප්‍රථම පිළිකා සම්මේලනයේ දී පිළිකා විශේෂඥයින් නිගමනයකට එළඹ තිබේ. 

මෙම ශාක ග්ලූකොස්නොලේට්ස් වැනි රසායනවලින් පොහොසත් වන අතර එමගින් පිළිකා කාරක විෂ නසන එන්සයිම නිපදවීමට අක්මාව පොලඹවයි. හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ සහාය මහාචාර්ය වෛද්‍ය ජියො වනුයි පවසන අන්දමට දරුණු පුරස්ථි පිළිකා හා ගොවිපළ නිෂ්පාදන අතර කිට්ටු සම්බන්ධතාවක් පවතී. වසර 16ක් පුරා පිරිමින් 47,000ක් පසු විපරමට භාජන කළ ඔහුට, අධික වශයෙන් කැලරි ආහාරයට ගන්නා පිරිමින්ට පුරස්ථි පිළිකා වැලඳීමේ අවදානම බෙහෙවින් වැඩි බව පෙනී ගොස් තිබේ. 

ඉහත සම්මේලනයට සහභාගී වූ පර්යේෂකයන් වැඩි දෙනෙකුගේ මතය වූයේ මේදය අධික ගොවිපළ නිෂ්පාදන පුරස්ථි පිළිකා අවදානම වැඩිකිරීමට හේතු පාදක වන බවය. ශාක මූල ආහාර පුරස්ථි පිළිකා අවදානම හෙළි කරන P.S.A. රුධිර වාර්තා, යහපත් අතට වෙනස් කිරීමට සමත් වී ඇති බව කැලිෆෝනියා සරසවියේ සහාය මහාචාර්ය වෛද්‍ය සසේ පවසයි. වෙනත් පිළිකා මේදය අඩු ආහාර ගැනීමෙන් සමේ පිළිකා හටගැනීමේ අවදානම අඩු කරගත හැකි බව පෙනී ගොස් තිබේ. 

දුම්පානය කරන තැනැත්තන්ට, පෙණහලු පිළිකා වැළඳීමේ අවදානම, මස් අනුභවය නිසා වැඩිවන බව, පුද්ගලයන් 122000ක් අළලා ජපානයේ කර ඇති අධ්‍යයනයකින් හෙළි වී තිබේ. බීටා කැරොටීන් අධි රුධිර මට්ටමක් තිබීම පෙණහලු පිළිකා හටගැනීම වළක්වාලීමට උපකාර වේ. මේදය බහුල වශයෙන් ගන්නා තැනැත්තන් අතර අණ්ඩ කෝෂ හා ඩිම්බකෝෂ පිළිකා හටගැනීමේ අවදානම වැඩි බව පෙනීන්ගොස් ඇත. සෝයා නිෂ්පාදන, වියළි පලතුරු, බෝංචි, පරිප්පු සහ පීස් ආදිය වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් අන්‍යාශ පිළිකා හටගැනීමේ අවදානම අඩු කරගත හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now