බඩගින්නේ හිටියොත් වෙන දේ මෙන්න..?

VITAMINS FOOD REJECTION SUGAR LEVEL LIPD LEVEL
By Sewvandhi Nov 09, 2021 01:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි busy life එක.ඒ නිසාම අපිට සමහර වෙලාවට කන්න තියා හිතන්නවත් වෙලාවක් නැහැ.හැබැයි මේ කන්න තියෙන වෙලාව වැඩ වලට යොමු කරලා හිටියම ඔයාට මොකද වෙන්නේ.ඔයාට මනසට වගේම ශරීරයටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා.ඒ පශ්න මොනවද කියලා අද මම ඔයාට කියන්නම්.

01.  සිරුරේ මේදය බිඳ වැටෙනවා

බඩගින්නේ ඉන්නකොට සිරුරේ තියෙන මේදය බිඳ වැටෙනවා. මේක වෙන්නේ පටන් ගන්නේ පැය 06 කට 07 කට පමණ පසුවයි. සිරුරේ බර වැඩි කියලා හිතෙන අයට ශරීරයේ බර අඩු කර ගන්න මේ අවස්ථාව ඉතා වැදගත්.

සිරුරේ තැම්පත්ව තියෙන සීනි භාවිතයට ගත්තට පස්සේ සිරුරේ තැම්පත් වෙලා තියෙන මේදය ප්‍රයෝජනයට ගන්නවා.ඉතිං කෙට්ටු වෙන්න ඕනම නම් නිරාහාරව ඉන්නේ නැතුව කාබෝහයිඩ්රේට් අඩු ආහාර ලබා ගැනීමෙනුත් සිරුරේ බර අඩුකර කරගත හැකියි.

02.ශරීරයේ සීනි මට්ටම බිඳ වැටෙනවා

සිරුරේ පැවැත්මට ශක්තිය අත්‍යාවශ්‍යයි.ඉතින් කෙනෙක් බඩගින්නේ ඉන්නකොට ශරීරයේ සීනි මට්ටම අඩු වෙනවා. බඩගින්නේ ඉන්නකොට සිරුරට අවශ්‍ය ශක්තිය අවශෝෂණය කර ගන්නේ සිරුරේ තැම්පත් වෙලා තියෙන ග්ලූකෝස් සහ සීනි වලිනුයි.

මෙහෙම ලබා ගන්නා සීනිවලින් මොලයට හා රතු රුධිරාණු සෛලවල ක්‍රියාකාරිත්වයට වගේම මාංශ පේෂීවලටත් යැවෙනවා.ඔයා බඩගින්නේ ඉන්න විට මුල් පැය කීපය තුළ ඔයාට අපහසුවක් නොදැනෙන්නේ අන්න ඒ නිසායි.

03.කොලෙස්ටරෝල් සහ යුරික් අම්ලය ඉවත් වීම

බඩගින්නේ ඉන්නකොට සිරුරේ වැදගත් දේවල් කිහිපයක් සිදු වෙනවා.විෂ හරණ ක්‍රියාවලියේදී ඔයාගේ ශරීරයේ කොලෙස්ටරෝල් සහ යුරික් අම්ලයෙන් පිරිසිදු වෙනවා.මේ වගේ වේලාවකදී රුධිර පීඩනය ටිකක් පහළ වැටෙනවා.ඒ වගේම හිසේ කැක්කුම, කරකැවිල්ල, මහන්සි ගතිය, සමේ ලප ඇති වීම, මාංශ පේශීවල වේදනා ඇති වීම, සන්ධිවල වේදනා ඇති වීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha