විදුලි වාහනයක් ආනයනය කිරීමට පිරිසකට විශේෂ අවස්තාවක්..
විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සදහා තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනා දෙකක් සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
ඒ අනුව නීත්‍යානුකූලව මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණය මත පදනම්ව, නව තීරු බදු රහිත දීමනාවක් හදුන්වාදීම හා විදේශ ගත ශ්‍රමිකයින් සහ ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලව මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණයෙන් සියයට 50 කට සමාන විදුලි වාහනයක් ආනයනය කිරීම සදහා බලපත්‍රයක් හදුන්වාදීමේ ක්‍රමවේදයට ද අනුමැතිය හිමි වූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ගුවන් තොටුපලේදී ඇමරිකානු ඩොලර් වලින් ගෙවීමට කැමති සංචාරකයින්ට, සංක්‍රමණික සේවකයින්ට සහ ද්විත්ව පුරවැසියන්ට ඉන්ධන බලපත්‍රයක් ලබා දීමේ යෝජනාවකට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා එකඟ වූ බවද විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.