මොනවයින් මොනවා වෙයිද..අධ්‍යාපන අමාත්‍යංශයෙන් හදිසි පරීක්ෂණයක්..!

Ministry of Education Kalutara G.C.E.(A/L) Examination Education Latest Headlines
By Sewvandhi Nov 12, 2024 10:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

අදාළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් මේ වනවිටත් ලබාදී ඇති බවයි, නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ.

කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ දෙවැනි වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට ලබාදුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 05ක් අන්තර්ගත වීමට අදාළව මෙම පරීක්ෂණය පවත්වයි.

සමාජය තුළ කතාබහට ලක්වී ඇති මෙම ප්‍රශ්න පත්‍රය, සකස් කර ඇත්තේ අදාළ පාසලෙන් ම බවත් ඒ සඳහා අමාත්‍යංශ මට්ටමින් හෝ වෙනත් ආයතනික මට්ටමකින් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අමාත්‍යංශ මට්ටමින් සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයකින් පසුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.  

ReeCha