මර්වින් ඇතුළු 06කට එරෙහි නඩුව කල් යයි
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව හිටපු ඇමැති මර්වින් සිල්වා හා හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුව අද (03) දින මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවන ලදි.
ඒ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඉදිරිපිටදීය.
නමුත් එය ලබන වසරේ ජුලි මස 20 වැනි දිනට කල් තබන ලදී.
මේ සම්බන්ධව නීතීපති උපදෙස් ලැබී නොමැති වීම එයට හේතු වී තිබේ.
මෙම නඩුවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හයවන සැකකරු වන කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අය තවදුරටත් මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හිටපු ඇමැති මර්වින් සිල්වා , හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් , හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා , හිටපු ඇමැති මර්වින් සිල්වා ගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හය දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
ඒවගේම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති නමුත් සෙසු පස්දෙනා මේ වනවිට මහාධිකරණයෙන් ඇප ලබා මුදා හැරීමට තීරණය කර තිබේ.