බසයේ ගැටී සිදූ වූ මාරක අනතුර

Report

කහතුඩුව අධිවේගී පාළම යටදී අද (3) දහවල් සැහැල්ලු යතුරුපැදියක් පැදවමින් සිටි පුද්ගලයෙකු පෞද්ගලික බස් රථයකට ගැටී, එම ස්ථානයේදීම මියගිය බව කහතුඩුව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයා පිළියන්දල සිට මොරගහහේන දිශාවට ගමන් කළ පෞද්ගලික බස් රථයකට යටවී අනතුරට ලක්ව ඇති බවයි.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

ඇතැම් පුද්ගලයන් පවසන පරිදි යතුරුපැදියෙන් පොල්ගස්ඕවිට දෙසින් කහතුඩුව නගරය දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

මියගිය පුද්ගලයාගේ තවත් තොරතුරු සහ පදිංචි ප්‍රදේශය මෙතෙක් හඳුනාගෙන නැති බව පොලිසිය වැඩිදුරටත් පවසයි. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

ට්‍රක් රථයක් නිසා අධිවේගී මාර්ගයේ මාරක අනතුරක්

ට්‍රක් රථයක් නිසා අධිවේගී මාර්ගයේ මාරක අනතුරක්