බටහිර මුහුදේ මත්ද්‍රව්‍ය තොගය ඩුබායි දිනුකගේ බව හෙළිවෙයි

Report

බටහිර මුහුදේදී සොයාගත් විශාල මත්ද්‍රව්‍ය තොගය පිටුපස ඩුබායිහි සිටින බවට කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිනුක නම් පුද්ගලයා සිටින බව විමර්ශන වලදී හෙළිව තිබේ.

අදාළ ධීවර යාත්‍රාවේ හිමිකරු සහ අත්අඩංගුවට ගත් අනෙකුත් සැකකරුවන්ගෙන් කළ    ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණ විය.

මෙම ධීවර යාත්‍රාව රුපියල් බිලියන 5කට ආසන්න වටිනාකමක් යුක්තය.

ඒ වගේම  එම ධීවර යාත්‍රාවෙන්  හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට නාවික හමුදාව සමත්විය.

නාවික හමුදාව භාරයට ගත් මත්ද්‍රව්‍ය බෝට්ටුවේ හිමිකරු අල්ලයි

නාවික හමුදාව භාරයට ගත් මත්ද්‍රව්‍ය බෝට්ටුවේ හිමිකරු අල්ලයි

නාවික හමුදාව විසින්    නොවැම්බර් 2 වැනිදා    එම ධීවර යාත්‍රාව බටහිර මුහුදේ සිට දික්ඕවිට ධීවර වරායට රැගෙන එන ලදි.

අනතුරුව එම යාත්‍රාව හා එහි සිටි සැකකරුවන් නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබේ .

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ බහුදින යාත්‍රාව සිය භාරයට ගත් අතර එහිදී සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි  

ලොකු ළූණු ගොවියන්ට සතොසෙන් සුභ පණිවිඩයක්

ලොකු ළූණු ගොවියන්ට සතොසෙන් සුභ පණිවිඩයක්