ලොකු ළූණු ගොවියන්ට සතොසෙන් සුභ පණිවිඩයක්

Report

ලොකු ලූනු සඳහා තවමත් වෙළෙඳපොලේ නිසි මිලක් නොමැති බව උතුරු මැද පළාතේ ගොවීන් චෝදනා කරයි. මේ වන විට පොළොන්නරුව ඇළහැර ගොවි ජනපද ව්‍යාපාරයට අයත් ඉකිරිවැව, ජයසිරිපුර, සරුබිම හා නිකපිටිය ප්‍රදේශයන්හි ගොවි ජනතාව මෙවර යල කන්නය යටතේ අක්කර 500කට ආසන්න වගා බිම් ප්‍රමාණයක ලොකු ලූනු වගා කර මේ වනවිට අස්වනු නෙලා අවසන්.

නමුත් ඔවුන්ගේ අස්වැන්න නිසි මිලකට අලෙවි කරගැනීමට නොහැකි නිසා ඔවුන් විශාල කරදරයකට පත්ව ඇති බවට ගොවීන් සඳහන් කරයි. ලංකා සතොස ආයතනය විසින් ගොවීන්ගේ ලොකු ලූනු අස්වනු මිලදී ගැනීම පසුගිය දින ආරම්භ කළ අතර, එයට කොන්දේසි 17ක් පැනවූ බවද සමාගම පැවසීය.

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

ඒ අනුව, ලූනු ගෙඩියක විෂ්කම්භය 35mm සිට 65mm දක්වා විය යුතු බවත්, කිලෝවකට ගෙඩි 8ක් පමණ අඩංගු විය යුතු බවත් කොන්දේසිවල සඳහන්ය. නමුත් දැන් ඔවුන් සඳහන් කරන ආකාරයට ලූණූ මිලදී ගැනීමේදී ගෙඩි වට මැනීමක් සිදු නොකරන බව ලංකා සතොස ආයතනය පවසයි.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග මහතා සඳහන් කළේ, ලූනු ගෙඩියක ප්‍රමාණය මැන බැලීමක් නොකර, එය නිලධාරීන් විසින් ඇස් මට්ටමින් පරීක්ෂා කර මිලදී ගැනීම සිදු කරන බවය.

මේ අතර, වැඩිදුරටත් ලොකු ලූනු මිලදීගැනීම සම්බන්ධයෙන් ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී ඩී.එල්. මාලගේ අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ, ඒ සඳහා කිසිදු නිර්ණායකයක් ඇතුළත් කර නොමැති බවයි.

ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමට තවත් සුපිරි තෑග්ගක්

ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමට තවත් සුපිරි තෑග්ගක්