පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් නව සංකල්පයක්

Report

 පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත නව සංකල්පයක් හඳුන්වා දෙනු ලැබීය.

ඒ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ රාජකාරි ඉටුකිරීමේදී වඩාත් කැපීපෙනෙන ලෙස තමන්ට පැවරුනු රාජකාරිය ඉටුකරමින් දක්ෂතා දක්වන නිලධාරීන් ඇගයීම සඳහා Employee of the Month නම් සංකල්පයයි.

ඒ අනුව පොලිස් කොස්තාපල් 101966 චාමික දිල්ෂාන් නිලධාරියා පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනයා වෙනුවෙන් ඉටුකරනු ලබන සේවා සඳහා සෑම ආකාරයෙන්ම වඩාත් දක්ෂතාවයෙන් යුත් නිලධාරියා ලෙස පළමුවරට ඇගයීමට ලක්විය.

[8QUTJUX

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී එෆ්.යූ වුට්ලර් මහතා විසින් පොලිස් කොස්තාපල් 101966 චාමික දිල්ෂාන් නිලධාරියා හට Employee of the Month නැමැති ප්‍රශංසා සහතික පත්‍රය සහ සේවය ඇගයීමේ ලිපිය ලබාදෙමින් ඔහුගේ අනාගතයට සුබ පැතුම් එක් කළේය.

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී එක් අයෙක් මරුට

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී එක් අයෙක් මරුට