ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී එක් අයෙක් මරුට
By Kanchana
වල්පොල දුම්රිය ස්ථානයට යාබඳ දුම්රිය හරස් මාර්ගය හරහා නොසැලකිලිමත් අන්දමින් ධාවනය කළ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම සිදුවීම සිදුව ඇත්තේ රාගම බල ප්‍රදේශයේදීය.
එම ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් ඇති බව වාර්තා වේ.
ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් ඥාති කාන්තාවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුර දුටු ප්‍රදේශවාසීන් සදහන් කළේ දුම්රිය සංඥා මෙන්ම සීනුව නාදවෙමින් තිබියදී ආරක්ෂිත ගේට්ටුව වසා තිබුණද දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ත්‍රිරෝද රථය ගමන් කළ බවයි.