‘රටම එකට’ මත්ද්‍රව්‍ය වැටලීමේ ප්‍රගතිය
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුමෙන් පෙරේදා (01දා) වනවිට රැඳවුම් නියෝග යටතේ සැකකරුවන් 72කගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුමේ අරමුණු ලෙසින්
- දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාළ කිරීම
- මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරී
- මත්ද්‍රව්‍ය මෙහෙයුම් පුළුල් කිරීම,
- ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම
හැදින්විය හැකිය.
මෙම ‘රටම එකට’ මෙහෙයුම පසුගිය ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ අතර හෙරොයින් වැටලීම් තුළින් 1177කදී කිලෝ 02යි ග්‍රෑම් 91ක් ද අයිස් වැටලීම් 1164ක් සිදුකර අයිස් කිලෝ 04යි ග්‍රෑම් 185ක් ද කොකේන් වැටලීම් 03ක් සිදුකර ග්‍රෑම් 07ක් ද ගංජා වැටලීම් 806ක් සිදුකර කිලෝ 203 ග්‍රෑම් 33ක් ද කුෂ් ග්‍රෑම් 07ක් ද හෂීස් ග්‍රෑම් 56ක් ද මත්පෙති 321ක් ද මෝදක 472ක් ද මාවා කිලෝ 01යි ග්‍රෑම් 305ක් ද සොයාගන තිබේ. මෙම මෙහෙයුම්වලදී වැටලීම් 3370ක් සිදුකර සැකකරුවන් 3361ක් අත්අඩංගුවට ගෙන තිබේ .
ඒ වගේම සැකකරුවන් 6 දෙනකුගේ නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර 72කට රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
තවද පුද්ගලයන් 38ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත.