මොන අපරාධයක්ද - මුහුදු වෙරළේ මිනිස් ඔළු පහක් එල්ලලා

By Ashfa Jan 12, 2026 11:51 AM GMT
Report

ඉක්වදෝරයේ ඉතා මනරම් වෙරළ තීරයක ලණුවල එල්ලා තිබූ මිනිස් හිස් පහක් හමුවී ඇති බව විදෙස් වාර්තා කරයි. මෙය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රචණ්ඩත්වයේ නවතම සිදුවීම බවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහන මාර්ගවල බලය අල්ලා ගැනීම සඳහා අපරාධ කල්ලි අතර පවතින ගැටුම් හේතුවෙන් ඉක්වදෝරය පුරා මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතින බවත් වාර්තා වේ.

මෙම මිනිස් හිස් සොයාගනු ලැබුවේ එරට නිරිතදිග ප්‍රදේශයේ පිහිටි පුඑර්ටෝ ලෝපෙස් නම් වෙරළබඩ නගරයෙන් වන අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය කල්ලි සමඟ සම්බන්ධකම් පවතින ජාලයන් මෙම ප්‍රදේශයේ සක්‍රීයව පවතී.

සියලු දෙනාටම අති විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා පොලිසිය

සියලු දෙනාටම අති විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා පොලිසිය

ඔවුන් සිය නීතිවිරෝධී කටයුතු සඳහා ධීවරයන් සහ ඔවුන්ගේ කුඩා බෝට්ටු යොදා ගන්නා බව වාර්තා වන අතර එරට මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම හිස් එල්ලා තිබූ ලී කණු අසල අනතුරු ඇඟවීමේ පුවරුවක් ද තිබී ඇත.

එය ධීවරයන්ගෙන් කප්පම් ගන්නා පුද්ගලයන් ඉලක්ක කර ලියවූවක් බවත් මැනාබි පළාතේ පිහිටි මෙම ප්‍රදේශයේ පාලනය නතු කර ගැනීමට අපරාධ කල්ලි දරුණු ලෙස සටන් වදින බවත් වාර්තා වේ.

විශ්‍රාම වැටුප අවලංගු වෙයිද? සති හයකින් වෙනදේ මෙන්න

විශ්‍රාම වැටුප අවලංගු වෙයිද? සති හයකින් වෙනදේ මෙන්න

ඉක්වදෝරයේ පළාත් 24න් 9ක මේ වන විට හදිසි නීතිය ක්‍රියාත්මක වන අතර පවතින ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා පැනවූ එමගින් සිවිල් අයිතිවාසිකම් ද සීමා කර ඇත. 

ජපානයේ රැකියා අවස්ථා - මේ සුදුසුමක් තියෙනවනම් දැන්ම ජපානෙට

ජපානයේ රැකියා අවස්ථා - මේ සුදුසුමක් තියෙනවනම් දැන්ම ජපානෙට