දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි ?
covid19
isolated
dambulla
economic center
megoda
By Sewvandhi
අද (12) සහ හෙට (13) දින දෙක තුළ දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම් සඳහා පමණක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තොග වෙළදුන්ට මෙන්ම ජංගම වෙළදසැල් පවත්වාගෙන යන පුද්ගලයින්ට ද ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගැනීමට හැකියි.
දිවයිනට පනවා තිබූ සංචරණ සීමා අනිද්දා දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ලබන 21 වනදා දක්වා සංචරණ සීමා දීර්ඝ කරන බවයි.
මේ අතර, ඊයේ (11) දිනයේත් කොරෝනා ආසාදිතයින් 2789 දෙනෙකු වාර්තා වුණා. ඉන් 30 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්.
එසේම අංගොඩ මානසික රෝහලේ රෝගීන් 14 කටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
එසේම ඊයේ දිනයේ තහවුරු කළ කොරෝනා මරණ 62 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2073 දක්වා ඉහළ ගිය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |