2025/26 ආර්ථික සංගණනයේ කෘෂිකාර්මික තොරතුරු රැස්කිරීම ඇරඹෙයි

Report

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දශකයකට වරක් පවත්වනු ලබන ආර්ථික සංගණනයට අදාළව, 2025/26 ආර්ථික සංගණනයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

මෙම තොරතුරු රැස්කිරීමේ අදියර ඔක්තෝබර් මස 01 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

මෙහිදී එක් වගා වර්ෂයකට අදාළව කෘෂිකාර්මික බෝග වගාව, සත්ත්ව පාලනය, ජලජීවී වගාව සහ වගාවන් සඳහා යොදාගන්නා ඉඩම් පිළිබඳ තොරතුරු රැස්කිරීම සිදුකෙරේ.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි කුඩාම පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටම දක්වා කෘෂිකර්ම අංශයේ ව්‍යුහයට අදාළ දත්ත රැස්කිරීම, සැකසීම සහ බෙදාහැරීම මෙහිදී සිදුවේ.

මුහුද රළු වෙයි - රටම කළඹමින් කැළඹෙන මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුද රළු වෙයි - රටම කළඹමින් කැළඹෙන මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

තොරතුරු රැස්කරන නිලධාරීන් විසින් සියලුම ගෘහකාණ්ඩ සහ ආයතන වෙත ගොස් කෘෂිකාර්මික කටයුතු සිදුකරන ඒකක හඳුනාගනිමින් ගොවි කාණ්ඩ සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡා මඟින් මෙම දත්ත ලබාගැනීමට නියමිතය.

ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය නිවැරදි දත්ත ලබාගැනීම, ග්‍රාම නිලධාරී හා පළාත් පාලන කොට්ඨාස මට්ටමින් දත්ත අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සහ රටේ ආර්ථික දර්ශකවල නිරවද්‍යතාව ඉහළ නැංවීම මෙම සංගණනයේ ප්‍රධාන අරමුණ වේ.

සංගණනයේදී ලබාගන්නා සියලු තොරතුරුවල රහස්‍යතාව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව බැඳී සිටින අතර, අදාළ පෞද්ගලික තොරතුරු කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෙළිදරව් නොකෙරේ. එමෙන්ම, මෙම සංගණන තොරතුරු අධිකරණයකදී සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමටද නොහැක.