ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් පහළ බසී
By Aylin Zoya
ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන බොරතෙල් වර්ග තුනක මිල ගණන් පහළ ගොස් තිබේ.
ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල 1.58%කින් පහළ ගොස් ඩොලර් 80.75ක් ලෙස සටහන් වී ඇත.
එමෙන්ම, Brent බොරතෙල් බැරලයක මිල 1.38%කින් පහළ ගොස් ඩොලර් 90.14ක් දක්වා අඩු වී තිබේ.
Murban බොරතෙල් බැරලයක මිල ද 4.82%කින් පහළ ගොස් ඩොලර් 84.99ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.