කොංගෝවේ ඉබෝලා වසංගතය දරුණු වෙයි - ඉතිහාසයේ දරුණුතම තත්ත්වය ඉක්මවා යාමේ දැඩි අවදානමක්
කොංගෝ රාජ්‍යයේ මෙවර හටගෙන ඇති ඉබෝලා වසංගතය, මෙතෙක් ලෝකයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය පවා ඉක්මවා යෑමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කර තිබේ.
වත්මන් ව්‍යාප්තියේ වේගය අඛණ්ඩව පැවතුනහොත්, අවම වශයෙන් පුද්ගලයින් 11,000කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත් 2014-2016 වසංගත සමය පවා මෙමඟින් ඉක්මවා යනු ඇති බව ටෙඩ්‍රොස් ගෙබ්‍රියෝසස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සදහන් කර තිබේ.
පසුගිය මැයි මස 15 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම වසරේ වසංගතය හේතුවෙන් මේ වන විට ආසාදිතයින් 4,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මරණ 2,000කට වඩා සිදුව ඇත.
මෙම වසංගතය මැයි මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළද, එයට මාස තුනකට පමණ පෙර, එනම් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට වෛරසය පැතිර යන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් අනාවරණය කර තිබේ.
මුල් අවස්ථාවේදී මෙම රෝග ලක්ෂණ මැලේරියාව හෝ හෙපටයිටීස් ලෙස වැරදියට හඳුනාගැනීම හේතුවෙන් වෛරසය පාලනය කිරීම අපහසු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩ් ජනාබි සදහන් කර ඇත.
. මෙම වෛරස් විශේෂය සඳහා මෙතෙක් අනුමත කරන ලද කිසිදු එන්නතක් හෝ පිළිගත් ප්‍රතිකාර ඖෂධයක් නැත කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් මෙම වෛරසය සඳහා නව එන්නතක් නිර්මාණය කර ඇති අතර, එහි පළමු අදියරේ මිනිස් අත්හදා බැලීම් සඳහා බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන අංශයෙන් අවසර ලැබී තිබේ .
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොංගෝවේ නැඟෙනහිර ප්‍රදේශයේ පවතින දරුණු තත්ත්වයන් හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ට රෝගීන් වෙත ළඟා වීමට හැකි වී ඇත්තේ ආසන්න වශයෙන් 30% ක පමණ ප්‍රතිශතයකට පමණක් බවයි .
මෙම රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් විවිධ පියවරයන් ක්‍රියාත්මක කරමින් සදහන් කර තිබේ