පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවෙන්නේ නැත්නම් අපි පාරට බහිනවා - කාදිනල් හිමියන් (VIDEO)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම පිළිබඳ සාධාරණ ප්‍රතිචාරයක් වත්මන් ආණ්ඩුවෙන් ඉදිරි සති 6 තුළ ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
ඊයේ (15) කොළඹ පැවති සමුළුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර එවැනි ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණහොත්, නැවත වීදිවලට බැසීමට සිදුවන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.