පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරු බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලයි

Report

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට ශ්‍රී ලංකා පොලීසිය විමර්ශනය කළ ඉස්ලාමීය සැකකරුවෙකු මේ වන විට එක්සත් රාජධානියේ සරණාගත තත්ත්වය ඉල්ලා අයදුම් කර තිබේ.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම පුද්ගලයා 2022 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ලක්වූ අතර පසුව ඇප මත නිදහස් කර ඇති බවයි. එම වර්ෂයේම සැප්තැම්බර් 2 වැනිදා ඔහු ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර, ඊට දින කිහිපයකට පසුව (15) ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් වී තිබේ.

බලපත්‍ර රහිත Blue Ocean සුරැකුම්පත් වංචාවකට එරෙහිව මහජනතාවට නව අනතුරු ඇඟවීමක්

බලපත්‍ර රහිත Blue Ocean සුරැකුම්පත් වංචාවකට එරෙහිව මහජනතාවට නව අනතුරු ඇඟවීමක්

සැකකරු එරට නඩු විභාගයේදී පවසා ඇත්තේ, “මා නැවත ශ්‍රී ලංකාවට ආපසු ගියහොත් පොලීසිය මාව සොයා නිවසට පැමිණි නිසා මට හිංසාවට හා පීඩාවට ලක්වීමේ අවදානමක් තිබෙනවා” යනුවෙනි. ඔහු තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ බිරිඳ ද එක්ව සරණාගත තත්ත්වය ඉල්ලා ඇති අතර, ඔවුන්ගේ ප්‍රථම අයදුම බ්‍රිතාන්‍ය ස්වදේශ කාර්යාලය (Home Office) විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත්, එම තීන්දුවට එරෙහිව ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර දැන් එම නඩුව නැවත විභාග වෙමින් පවතී.

ඇනලොග් රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවයි

ඇනලොග් රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවයි

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් 269ක් මිය ගිය අතර, එහිදී බ්‍රිතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වූහ. කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරීමෙන් මියගිය අතරට 42 හැවිරිදි ඇනීටා නිකල්සන්, ඇගේ පුත් 14 හැවිරිදි ඇලෙක්සැන්ඩර් සහ දියණිය 11 හැවිරිදි ඇනබෙල් ද වූහ.