පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ලෙස රුපියල් මිලියන 245ක් ගෙවයි
By Gagana News
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දු අනුව අය කරගත් මුදල් වලින් රුපියල් මිලියන 245ක් එම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12 ක් අද අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ඒ.එච්. එම්. ඩී. නවාස් යන ම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණා.