සහරාන් අත්අඩංගුවට ගන්න ගෙදරට ගිය CID ටීම් එකට සිදු වූ දේ..CCTV සාක්ෂිත් මකලා.. හිටපු පොලිස් ප්‍රධානියෙක්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. (VIDEO)

Sri Lanka Bomb Blast 2019 Sri Lanka Easter bombings Bomb Blast Channel 4 Easter Attack Channel 4
By krishani Sep 16, 2023 05:45 AM GMT
krishani

krishani

Report

මේ දින වල අපේ රටේ දැඩ් ලෙස කතාබහට ලක්වන ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පාස්තු ඉරිදා ප්‍රහාරය පත් වී තිබෙනවා.

එයට ප්‍රධාන හේතුව ලෙස බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් සැකසූ වාර්තාමය වැඩ සටහන හැදින්විය හැකිය.

මෙවන් තත්ත්වයක් තුළ මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙක් විවිධ අදහස් සහ තොරතුරු හෙළිකරමින් පවතී.

මේ හා සම්බන්ධව වැදගත් තොරතුරු රැසක් හෙළිකරමින් ඩී. අයි. ජී.පාලිත සිරිවර්ධන මහතා පවසන්නේ, සහරාන් බුද්ධි අංශ සමග වැඩ කළ බවට සාක්ෂි රැසක් තිබෙන බවයි.

මේ අනුව වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී. අයි. ජී.පාලිත සිරිවර්ධන මහතා,

"සහරාන්ගේ ගේ වටලන්න ගිය රහස් පොලිසියේ සාමාජිකයන්ට ශානි අබේසේකර ආපහු වහාම කොළඹ එන්න කිව්වා. සහරාන්ගේ සමහර පරීක්ෂණ සාර්ථක වේගන එද්දිම රාජ්‍ය බුද්ධි සේවය ඒවා අවුල් කරා.

මාවනැල්ල බුදු පිළිම කඩපු සිද්ධියේ ප්‍රධාන සැකකාරයන්ව බේරගත්තේ අසාත් සාලි. පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ආපහු අලුතෙන් කොමිෂන් අවශ්‍ය නෑ තිබ්බ කොමිෂන් වල නිර්දේශ ක්‍රියාත්මක කරන්න.බෝම්බ පුපුරවා ගන්නකං සහරාන්ලා නීතියට අහු වෙන්න නොදී ආරක්ෂා කළා ද සැකයක්."

මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්වට අදාල වීඩියෝව පහතින් නරඹන්න.


ReeCha