රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පන අවදානම් කලාප 13ක් ලකුණු කරයි..

Earthquake Weather
By Aruna Feb 27, 2023 10:59 PM GMT
Aruna

Aruna

Report

රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පනයක් ජනනය කිරීමේ හැකියාව ඇති කලාප රැසක් ලොව පුරා ඇතැයිද, ඉන් එක් කලාපයක් නුදුරු අනාගතයේදී විශාල භුකම්පාවකට ලක් වනු ඇතැයි ද පසුගියදා තුර්කියේ දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකිය පළ කළ නෙදර්ලන්ත ජාතිකයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් නමැති 54 හැවිරිදි මේ නෙදර්ලන්ත ජාතිකයා දෛනිකව සමාජ මාධ්‍ය ජාලා අතරට මුදා හරින භූ කම්පන සම්බන්ධ පුරෝකථන රැසකි.

ඒ අතුරින් ඔහු පසුගියදා මුදා හළ මේ පුරෝකථනයට ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්වී තිබේ.

8ලෝක සිතියමේ විවිධ කලාප රතු පැහැයෙන් සලකුණු කරමින් හූගර්බීට්ස් එම අනතුරු ඇඟවීම සිදු කර ඇති අතර, එම සලකුණුවලට අදාළ රටවල් හෝ කලාප අතුරින් එක් ස්ථානයක් නුදුරු අනාගතයේදී මේ ව්‍යවසනයට මුහුණ පානු ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

කාලයක් පුරා ලොව භූ චලන සිදුවූ ස්ථානවල පිහිටීම සහ සෞර ග්‍රහ මණ්ඩලයේ හැසිරීම හා ග්‍රහලෝක ගමන් ගන්නා ආකාරය අධ්‍යයනය කරමින් අනාවැකි පළ කරන මේ විස්මිත මිනිසා සඳහන් කර ඇත්තේ රතු පැහැයෙන් සලකුණු කර ඇති කලාපවල දිගු කාලයක සිට නිහඬතාවක් පැතිර ඇති බවකි.

එවැනි ස්ථාන 13ක් සලකුණු කරමින් ඔහු මේ අනාවැකිය පළ කර ඇත්තේ එවැනි කලාප පිළිබඳ ගැඹුරු අධ්‍යනයක නිරතවීමෙන් පසුවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now