පැය භාගයක් තුළ භූ කම්පන මාලාවක් - සිදු වූණ විනාශකාරීම භූ කම්පනය.. මිය ගිය වූවන් 2000 ඉක්මවයි..
Afghanistan
Earthquake
Death
By krishani
පෙරේදා (07) බටහිර ඇෆ්ගනිස්තානයේ ඉරාන දේශ සීමාව අසල පිහිටි හෙරත් නුවර පැය බාගයක් ඇතුළත භූ කම්පන මාලාවක් සිදු විය.
එහිදී මිය ගිය පිරිස දෙදහස ඉක්මවා ඇති බව තලේබාන් රජය නිවේදනය කළේ ය.
එමෙන්ම එම රජය මාධ්‍යට සඳහන් කළේ එය දශක දෙකකට පසු එරට සිදු වූ විනාශකාරිතම භූ කම්පනය ලෙසයි.
මේ භූ කම්පනය හේතුවෙන් මරණ ගණන තවත් ඉහළ යන බවත් මිය ගිය පිරිසට අමතරව තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත්, රෝහල්ගත කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව දසදහසකට වැඩි බවත් සඳහන් වේ.
