ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීමක්..
By Aruna
ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි නැගෙනහිර ටිමෝර දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 6.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එමඟින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති අතර, එම සාගර කලාපය ආශ්‍රිතව සුනාමි අවදානමක් පවතින බවයි වාර්තාවන්නේ.
“රින් ඔෆ් ෆයර්”හෙවත් පැසිෆික් ගිණි වළල්ලට අයත් භූ ක්‍රියාකාරකම් සක්‍රිය කලාපයේ පිහිටි ඉන්දුනීසියානු කලාපයේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තාවනවා.
පසුගිය පෙබරවාරියේ ඉන්දුනීසියානු සුමාත්‍රා දිවයිනේ ඇතිවූ රික්ටර් පරිමාණයේ 6.2 ක භූ කම්පනයකින් ජීවිත හානි රැසක් වාර්තා වුණා.
කෙසේවෙතත් මෙමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදු නොවන බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |