පාසල් සිසුන් වෙනුවෙන් වටිනා වැඩක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි තත්ත්වය හමුවේ සිසුන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා සහාය වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සිය ඩිජිටල් ඉගෙනුම් වේදිකාව ශක්තිමත් කර ඇත.
ඒ අනුව, ඕනෑම තැනක සිට විෂය නිර්දේශ සහ ප්‍රශ්න පත්‍ර වෙත ප්‍රවේශ විය හැකි වන පරිදි ජාතික විද්‍යුත් ඉගෙනුම් වේදිකාව වන ඊ-තක්සලාව වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.
මෙම ප්‍රවේශය තුළින්, පාසල් වසා දැමීම් සහ බාහිර අර්බුදවලින් තොරව විභාගය සඳහා අඛණ්ඩව සූදානම් වීමට සිසුන්ට අවස්ථාව තිබේ.