තැපැල් ඡන්දය සහතික කිරීම සදහා 'e' සේවාවක් ක්‍රියාත්මකයි
තැපැල් ඡන්දය භාවිතා කරන රාජ්‍ය නිලධාරීන්ට තම ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය සහ සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් විද්‍යුත් සේවාවක් ක්‍රියාත්මක කර ඇත.
මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින්, ඔවුන්ගේ කණ්ඩායම්, සහ පක්ෂ – තනිව හෝ සන්ධානව – සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහාද මෙම සේවාව උපයෝගී කරගත හැකි බව කොමිසම සදහන් කරයි.
මෙම සේවාව වෙත පිවිසීමට eservices.elections.gov.lk යන වෙබ් අඩවිය භාවිතා කළ හැකි අතර, එහි තැපැල් ඡන්දය සඳහා වූ විශේෂ යොමුව මඟින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත.