වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ලොකු වෙනසක්

Report

 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා අද (31) දිනයේ සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය විවෘත කරන බව ප්‍රකාශ කර තිබේ.

 ඒ අනුව අද (31) දිනයේ සිට වත්කම් සහ බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය හරහා පමණක් වන බව වාර්තා වේ.

 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාවට නැංවීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස මෙම නව තාක්ෂණික පද්ධතිය හඳුන්වා දෙනු ලබන බව කොමිෂන් සභාව පෙන්වා දෙයි

ගංගා මට්ටම් පහළ යාමෙන් තවත් ප්‍රශ්නයක් ගැන හෙළිදරව්වක්

ගංගා මට්ටම් පහළ යාමෙන් තවත් ප්‍රශ්නයක් ගැන හෙළිදරව්වක්

මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාව තුළ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සිදු වූයේ මුද්‍රිත ආකෘති පත්‍ර අතින් සම්පූර්ණ කිරීම මගින් වන අතර, මෙම නව පද්ධතිය හුදෙක් පෝරමයක් මාර්ගගතව (Online) සම්පූර්ණ කිරීමක් පමණක් නොව, සමස්ත ක්‍රියාවලියම පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීමක් වන බවයි .

ඒ වගේම පද්ධතියේ ඇති සුවිශේෂීත්වය වන්නේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේදී සිදුවිය හැකි සාවද්‍ය තොරතුරු ඇතුළත් කිරීම් මෙන්ම අසාමාන්‍ය ලෙස වත්කම් රැස් කිරීමේ තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සත්‍යාපන පහසුකම් (Verification facilities) ද මෙහි අන්තර්ගත කර තිබීම බව අල්ලස් කොමිසම සඳහන් කරයි .

මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට මරණ දණ්ඩනය දෙන්න ඊශ්‍රායලයෙන් නීතියක් ගෙනෙයි

මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට මරණ දණ්ඩනය දෙන්න ඊශ්‍රායලයෙන් නීතියක් ගෙනෙයි

අල්ලස් කොමිසම ප්‍රකාශ කරන්නේ මෙමගින් දූෂණ මර්දන කර්තව්‍යය සඳහා ප්‍රබල නීතිමය රාමුවක් සැකසෙන අතරම, එම ක්‍රියාවලියට ස්වාධීනත්වයක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි.