‘මම ගොඩක් ලජ්ජා තියෙන කෙල්ලෙක්’ ජනප්‍රිය නිලි දුශේනි කියන කතාව (VIDEO)

By Sithumi Nov 26, 2021 05:54 PM GMT
Sithumi

Sithumi

Report

දුෂේනි මියුරංගි කියලා කියන්නේ කාලයක් පේන්න හිටපු නැති ගොඩාක් අය ආදරේ කරපු රංගන ශිල්පිනියක්. අලුත් ටෙලි නිර්මාණයකින් මේ දවස්වල ඇය පේන්න ඉන්නවා. අවුරුදු කිහිපයකට පස්සෙ නැවත ඇය ක්ශේත්රයට සම්බන්ධ වී සිටින නිසා ඒ ගැන තොරතුරුත් පවුලේ තොරතුරුත් මාධ්ය හමුවකදී පවසලා තිබුණා. 

 ඇය කියන විදියට සැබෑ ජීවිතයේ ඇය හරිම ලැජ්ජාශීලි කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ ස්ටේජ් එකට නගින්නත් බයයි. අදටත් සැබෑ ජීවිතේ පැත්තකට වෙලා පාඩුවේ ඉන්නවා කියල තමයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම මේ දවස්වල ඇයට ඉතාම ඉහළ ප්රතිචාර ලැබෙනවා. ප්රථම වතාවට තමයි ඇය ප්රේක්ෂකයන්ගෙන් මේ තරම් ආදරණීය ප්රතිචාරයක් ලබන්නේ කියනවා. 

 පසුගිය කාලේ ලංකාවේ හිටියේ නැහැ කියන දුශේනි අවුරුද්දක් විතර හිටියේ ඉන්දියාවේලු කොරෝනා ප්රශ්නය නිසා තමයි ලංකාවේ හිරවන්න වෙලා තිබෙන්නෙ. දවස් දෙකකට විතර ලංකාවට ආවත් ඊට පස්සේ සද්ද නොකර මාස හයක් විතර ගෙදරට වෙලා නිදහසේ හිටියා කියනවා.ඇත්තටම දැන්නම් ලංකාව දාලා යන්න දුකයි කියලත් කියනවා. 

හිතාගන්න බැරි ආදරයක් ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන නිසා තීරණය කරලා තිබෙනවා ලංකාවෙත් ඉන්දියාවෙත් දෙපැත්තෙම වැඩ කරන්න. දැන් භාර අරගෙන තියෙන වැඩ ඉවර කරලා ඉන්දියාවට යන්න බලාපොරොත්තු වෙනවාලු. කොහොමත් හැමෝම දන්නවා දුෂේනි භාරගත්ත වැඩක් අතහැරලා නතර කරලා අනිත් අය අමාරුවේ දාලා යන කෙනෙක් නෙවෙයි කියලා. 

  ඉතින් කාලෙන් කාලෙට ඇයට මුහුණ දෙන්න සිදු වූ විවිධ හේතු බලපෑවාලු ලංකාව දාලා යන්න. එකම තැන පල්වෙනවාට වඩා අත්හදා බැලීම් කරන්න කැමති නිසා කියනවා ලංකාවෙන් ගියේ. මම ඉපදිලා තියෙන්නේ මාතර. හැබැයි දැන් පදිංචි වෙලා ඉන්නේ කුරුණෑගල. දුශේනි ඉපදෙන්නේ මාතර.නමුත් දැං පදිංචි වී සිටින්නේ කුරුණෑගල.ඇයගේ ගම ගැන ඇය කියන්නේ මෙවැනි කතාවක්. “

ඒ ගම මාර සුන්දර පැත්තක්. අම්මයි මමයි මල්ලියි ගෙවන්නේ සුන්දර ජීවිතයක්. සුන්දර පරිසරයක් තියෙන ගමක ඉපදෙනවා කියන්නේ වාසනාවක්. බොහෝම නිදහස් නිස්කලංක ළමා කාලයක් මම අත්වින්දා.” පාසල් අධ්යාපනය අවසන් වුනාට පසුව ඇය වෘත්තීය ලෙස තෝරාගන්නේ ගණකාධිකාරී වෘත්තිය.නමුත් නිළියක් වුනේ තාත්තගේ කැමැත්තක් සහ හීනයක් නිසා.

ඇයගේඑ තාත්තාගේ හිතේ තිබුණේ ඇයව රූපරැජිනක් කරන්න.ඉතින් මිස් ශ්රී ලංකා තරගයට ඔහු ඉල්ලුම් කරන්නේ දුව රැජිනක් කරන්න බලාගෙන.ඒ පිළිබඳව ඇය කියන්නේ, “ඇත්තටම මම දෙයක් හොයාගෙන යන්න උත්සාහ කළාම වෙනත් දෙයක් මාව හොයාගෙන ආවා. 

ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමාරිට ඉදිරිපත් වෙලා අවසාන දොළොස් දෙනාට ආවට පස්සේ රංගන ක්ෂේත්රය මාව හොයාගෙන ආවා. ඊට පස්සේ 2017 මිස් ශ්රී ලංකා තරගය ජයග්රහණය කරන්න මට අවස්ථාව ලැබුණා. එම ජයග්රහණයෙන් පසු ලෝක රූ රැජන තරගය සඳහා ලංකාව නියෝජනය කළා.එතැනදී තමයි මම බොහෝ දේවල් ඉගෙනගත්තේ. චීනයේ මාස දෙකක් හිටියා. නිරූපණය ගැන කලාව ගැන ඉගෙන ගත්තා. මම 2015 වර්ෂයේ මිස් ශ්රී ලංකා ඉදිරිපත් වෙනවා. නමුත් ජයග්රහණය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ 2017 වර්ෂයේ මම ඒ ජයග්රහණය හිමි කරගන්නවා. එදා මම පැරැදිලා අයින් වුණානම් අද මෙතැන නැහැ. මම කැමති දේ ලැබෙනකම් මට නින්ද යන්නේ නැහැ. ඒ වෙලාවට කිසිම කෙනෙක් කියන දෙයක් මට ඇහෙන්නෙත් නැහැ.” ලෙස තමයි ඇය සඳහන් කරලා තිබුණේ. 

ඉතින් අවසාන වශයෙන් ඇය කියලා තිබුණේ සිතින්වත් කිසිම කෙනෙක්ට වෛර කරලා නැහැ කියලා.ඇගෙන් වෙන්වෙලා ගිය කෙනෙක්ට වුණත් යහපත් ජීවිතයක් ලැබෙන්න කියලයි ප්රාර්ථනා කරන්නේ. ආදරේ කරලා තියෙනවා වෙන්වෙලා තියෙනව කියන ඇය කොහෙවත් ආදරේ හිමිවිය යුතුමයි කියලා නැහැ කියනවා.අහිමි වීම් තියෙනවා. 

ඒ අය ඒ අයගේ ලෝකවල සතුටින් ඉන්න ඕන. ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. එහෙම කෙනෙක්ව මට දවසකින් අමතක කරන්න පුළුවවන් කියලයි ඇය කියන්නේ.ඉතින් ඇයගේ ඉදිරි අනාගත බලාපොරොත්තු ඉශ්ට සිද්ධ වෙන්න කියලා තමයි අපි අවසාන වශයෙන් ප්රාර්ථනා කරන්නේ.