දුමින්ද නාගමුව අද CIDයට.

Report

අද (12) පෙරවරුවේ පෙරටුගාමු සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් තමන්ට අපහාස වන පරිදි ෆේස්බුක් සහ යුටියුබ් නාලිකා ඔස්සේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කර තිබු පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

පසුගිය මස 12 වනදා පැවතී මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනතා විමුක්ති පෙරමුණ සමඟ යුරෝපයේ දුපතක මුදල් ආයෝජනය කර ඇති බවට දුමින්ද නාගමුව ප්‍රකාශ කර තිබුණා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.