මාලිමාව මැයි පෙළපාලිය නොපැවැත්වීමට දුමින්ද නාගමුව හේතු කියයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සඳහා කරන්නේ ජාතික ජන බලවේගය මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයේ මැයි දින පෙළපාලියක් නොපැවැත්වුයේ සටන් පාඨ නොමැති නිසා බවයි.
එම පක්ෂයේ මැයි දින රැලියට ඊයේ කිරුලපන ලලිත් ඇතුලත් මුදලි ක්‍රීඩාංගනයේදී එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් එම රැලියට සහභාගී වෙමින් කියා සිටියේ ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්ත මහා ඇමති ලෙස කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සුදානම් වෙමින් පසුවුවත් , ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වීමට මෙරට ජනතාව ජනවරමක් ලබා දී නොමැති බවයි.