ඩලස් තනිකර 09ක් සජිත්ට එකතු වෙයි..
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිදහස ජානතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ තුන් දෙනාගෙන් නව දෙනකු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වීමට තීරණය කර ඇති බව සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කර සිටිනවා.
හෙතෙම පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානයට නිදහස ගැන ජාතික සභාවේ ඩලස් අලහප්පෙරුම එක් නොවුණු ඇති නමුත් සමගි ජන බලවේගය දේශපාලන සන්ධානයක් ආරම්භ කරන බවත් එම සන්ධානය සඳහා නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් නව දෙනකු ම එක් වන බවයි.
මේ වන විටත් නව සන්ධානයේ ව්‍යවස්ථාව පක්ෂ නායකයන් වෙත ලබාදී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.