සමාජ මාධ්‍ය කැළඹූ ඩලස්ගේ අමුතුම ඡායාරූ පෙළ මෙන්න.(PHOTOS)
Sri Lanka
Facebook
Political
Mathara
Dulas alahapperuma
By Aruna
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කලකට පසු තම උපන් ගම්මානය වෙත ගොස් ගමේ පරිසරය සහ ගැමියන්ගේ සූන්දරත්වය අත්විදින අපූරු ෆේස්බුක් සටහනක් සමග ඡායාරූප පෙළක් සිය නිල ෆේස්බුක් පිටුවෙහි පළකර තිබෙනවා.
"මගේ ආදරණීය උපන් ගම්මානය රදම්පොල ගමේ පරිසරය සහ ගැමියන්ගේ සූන්දරත්වය දශක ගණනාවකට පසූ නැවත ඒ ආකාරයෙන් ම අත්වින්දෙමි.
පුන්ච් සන්දියේ අපි අම්මාට රහසින් පිහිනන්නට පැමිනි එබකන්ද දොළ, මොහොට්ටි අයියා, නිහාල් ඇතුලු කිහිප දෙනකු සමග දොළේ සහ කන්දේ ගලින් ගලට පැනගොස් සේන පොඩි මල්ලි ගේ පැල්කොටය තුල ගත් ආහාර වේල, නැවත මාව ඒ අසිරිමත් ඉතිහාසයට කැඳවාගෙන ගියා.
නිර්ව්‍යාජ ගැමිකම කොතරම් උත්තමද..? සුන්දර ද..?" ලෙස ෆේස්බුක් පිටුවෙහි සටහන තබා ඇත .
එම ඡායාරූප පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




