කාලගුණය හරස්වීමෙන් දුම්රිය ධාවනයත් නවතී..දුම්රිය මඟීන්ට විශේෂ පණිවිඩයක්.(PHOTOS)

Sri Lanka Railways Train Crash Department of Railways Weather Railways
By Aruna Dec 29, 2023 05:05 AM GMT
Aruna

Aruna

Report

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා හාලිඇල දූම්රිය ස්ථානය අතරදී දුම්රියක් අද (29) පිලිපැනීමටකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

පොඩිමැණිකේ දුම්රියේ එන්ජීන් කොටස හා පසුපස මැදිරියක් මෙසේ පිලිපැනීමටකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා දුම්රිය මාර්ගයේ මඩ සහිත ස්වාභාවය හේතුවෙන් දුම්රිය පිලී ගත කිරීමට බාධා එල්ල වී පවතින බවයි.

GalleryGalleryGalleryGallery
ReeCha