ලංකාවේ වී දැවැන්ත අර්බුදයක - රජය ගත් තීරණය ගැන ඩඩ්ලිත් කණගාටු වෙයි

Report

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කරන්නේ සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳ තමන් කණගාටු වන බවයි.

එමෙන්ම ඔහු අවධාරණය කළේ මෙම තීරණය හේතුවෙන් වී කිලෝවකට ගෙවනු ලබන සහතික මිල අඩුවී ඇති බවයි.

ඒ අනුව ඔහු කරුණු දක්වමින් කියා සිටියේ,

ලංකාවට තවත් බද්දක් - අමෙරිකාව එක්ක ගිවිසුම් ගත නොවුණු නිසා වෙන්න යන විනාසේ

ලංකාවට තවත් බද්දක් - අමෙරිකාව එක්ක ගිවිසුම් ගත නොවුණු නිසා වෙන්න යන විනාසේ

"වීවලට සහතික මිලක් දීලා තියෙනවා. ඒකේ ඇත්තම කතාව නාඩුවලට රුපියල් 120යි. සම්බාවලට රුපියල් 125යි. කීරි සම්බාවලට රුපියල් 130යි. ඉතින් මෙව්වා හදද්දි මේ හදන පුද්ගලයෝ දැනගන්න ඕනේ නාඩුවලට වැඩිය උපතින්ම බරත් අඩුයි ආදායමත් අඩුයි සම්බාවල. නාඩු සම්බාවලට වැඩිය උපතින්ම බරත් අඩුයි. ආදායමත් අඩු කීරි සම්බාවල. ඒක නිසා මිනිස්සු ගොවියන් විසින් නිතරම කීරි සම්බා වගාවත්, සම්බා වගාවත් අතහැරලා. ඒකට තියෙන දීලා තියෙන මිල ගණන් මදි නිසා, නාඩු විතරක්ම වැඩ කරනවා. ඒ තුළින් වෙන්නේ, මේ ලැබෙන ආදායම සමබර වෙන්නේ නැතිව නාඩු විතරක් වැඩි වුණාම, නාඩු මිල බිමටම වැටෙනවා. අරවා හිඟ නිසා, එව්වා උපරිම මිලකට යනවා. මේක තමයි මේ වෙන කාර්යය. ඉතින් මේක අපි වෙළඳාමක් කරන්නේ තියෙන දෙයක් අරන් කොටලා දෙනවා මිසක් අපිට මෙව්වා මේ පාලනය කරන්න මේ දේ කරන්න මේ විදිහ කරන්න කියලා එහෙම කරන්න අයිතියක් නෑ. ඉතින් ඒක පාලකයන් විසින් විසඳිය යුතු ගැටළුවක් වී ප්‍රශ්නයක් ඉස්සරහට එයිද මේ යන විදිහට වී ප්‍රශ්නයක් කියන්නේ වී විකුණගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉතින් අපේ රටිනුත් ටොන් එක්ලක්ෂ පනස් හත්දාහක් ගෙනල්ලා දැම්මානේ මේ චෝදනා මං දැක්කා ඉඳලා හිටලා සමහර ගොවියෝ අපේ ඇඟටත් දානවා. නමුත් අපි අද රටින් හාල් ගෙනාපු ප්‍රශ්නේ තිබ්බේ නැත්නම් ඔය ගොවියන්ට ඔය මිල කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්ථිරවම කිලෝව රුපියල් 125කට, 130කට විකුණගන්න තිබ්බ එක තමයි රුපියල් 90, 100 වැටිලා තියෙන්නේ. බොහෝම කණගාටුයි ඒ ගැන. මටත් කියන්න තියෙන්නේ එච්චර තමයි."

ගෑස් සිලින්ඩරයක් රු. 500 කින් ඉහළට? ජලය සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා රැසක මිල ඉහළට යන බව ප්‍රකාශයක්

ගෑස් සිලින්ඩරයක් රු. 500 කින් ඉහළට? ජලය සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා රැසක මිල ඉහළට යන බව ප්‍රකාශයක්

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,