ඇමති නලින්ද කිරි වෙහෙර නා හිමි බැහැ දකී [PHOTOS]
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේව කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේදී බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
මෙම සුහද හමුවේදී මෙරට වත්මන් ආර්ථික සහ සාමාජීය කටයුතුවල ප්‍රවණතාවන් පිළිබඳව මෙන්ම, මෙරට සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා නායක හිමිපාණන් වහන්සේ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර් එම් ජයවර්ධන මහතා සහ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති එච් එන් ඩී හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.

