පූජ්‍ය වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ වෙත මහා නායක පදවියට වූ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගන්වයි [PHOTOS]
පෑලියගොඩ ගංගාරාමාධිපති අග්ගමහා පණ්ඩිත සද්ධම්මජෝතිකධජ ධම්මසේනාපති භාෂාන්තර විශාරද අතිපූජ්‍ය වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආරියවංස සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා නායක ධූරයෙන් පිදුම් ලැබීම සඳහා ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උළෙල අද (06) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වා ඇත.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන්. මෙම උත්සවය පැවැත්වුණේ මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක, අති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.
සජබ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ මන්ත්‍රී ධූර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරයි - රෙදි ගැළවෙන විඩීයෝවක් එළියට
එසේම එහිදී අග්‍රාමාත්‍යතුමිය විසින් වල්පොළ විමලඥාන මහනායක ස්වාමීවහන්සේ වෙත මහා නායක පදවිය සඳහා වූ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සිදු කර ඇත.
මෙම අවස්ථා වෙනුවෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සහ ගිහි දායක දායිකාවන් එක් වූ බව සඳහන්.








