දිස්ත්‍රික්ක 7ක් දරුණු අවදානමේ - ජනතාව වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩක්
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24කට අයත් පවුල් 25,647ක පුද්ගලයින් 81,929 දෙනෙකු පානීය ජලය සපයා ගැනීමේ දැඩි ගැටලුවට මුහුණ දී සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා සඳහන් කළේ, පීඩාවට පත් ජනතාව වෙත පානීය ජලය සැපයීමේ කටයුතු ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ ඒකාබද්ධව මේ වන විටත් සිදුකරමින් පවතින බවයි.
උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න
මෙම වියළි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොනරාගල සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක දෙකටය. ඊට අමතරව අම්පාර, බදුල්ල, පොළොන්නරුව, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ද මෙම පානීය ජල හිඟය දැඩි ලෙස බලපා තිබේ.
අදාළ ප්‍රදේශවල ජනතාවට බෝසර් රථ මඟින් පානීය ජලය බෙදා හැරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා පෙන්වා දෙයි.
ඉදිරි කාලගුණ අනාවැකි සලකා බලමින් මෙම පීඩාව තවදුරටත් වර්ධනය වුවහොත් ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන ද මුදා හැරීමට කටයුතු යොදා ඇත.
හිමාලයෙන් කඩා වැටුණු අයිස් සහ පාෂාණ ගංවතුරක් ඇති කළ හැටි - නේපාල ගංවතුරේ ආරම්භය කැමරාවේ ඩ්‍රෝන කැමරාවේ සටහන් වූ දර්ශන
පානීය ජලය සපයා ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, වහාම අදාළ වසමේ ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.