බ්‍රිතාන්‍යයෙන් මෙරටට ආ අමුතුම පාර්සලය
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කොළඹ කුරියර් ආයතනයකට එවා තිබූ සැකසහිත පාර්සලයක තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
ඒ දෛනිකව සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී සිදුකළ පරීක්ෂාවේදීය.
බ්‍රිතාන්‍යයේ සිට මෙරට කිරිබත්ගොඩ ලිපිනයකට එවා තිබූ අදාළ පාර්සලය එහි සැකකරු ඉදිරියේදී විවෘත කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65ක් සහ දියර ආකාරයෙන් සකස් කළ කොකේන් මත්ද්‍රව්‍ය මිලිලීටර් 500 තිබී සොයාගෙන ඇත.
වාර්තා වන්නේ, අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 13කට ආසන්න බවයි. සැකකරු 23න් හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක අංශයේ රැකියාවක නිරත අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට බාරදී ඇත.
මෙම කොකේන් මත්ද්‍රව්‍ය දියර ලෙස කුරියර් ආයතනයකින් හමුවූ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසයි, රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.
You may like this video 👇