වහාම ක්‍රියාත්මක වන පරිදි මේ අයගේ දේපල තහනම් කරයි - විශේෂ තීරණයක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩම් සහ තෙමහල් නිවාස භාවිත කිරීම තහනම් කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
ඒ අනුව එක් ජාවාරම්කරුවෙකුට අයත් ඇඹිලිපිටිය කාන්තිස්සපුර ප්‍රදේශයේ පිහිටි අක්කරයකට ආසන්න ඉඩම සහ එහි වූ තෙමහල් නිවස තහනමට ලක්කර ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 7කට ආසන්න බව වාර්තා වේ.
මීට අමතරව අනෙක් ජාවාරම්කරුට අයත් ඇඹිලිපිටිය නව නගරය ප්‍රදේශයේ පිහිටි පර්චස් 23.7ක ඉඩම සහ තෙමහල් නිවස ද පරිහරණය කිරීම මෙලෙස තහනම් කර ඇත.
අදාළ ජාවාරම්කරුවන් විසින් මෙම වත්කම් සිය සමීපතමයන්ගේ නම්වලින් මිලදී ගෙන ඇති බවට පොලිසිය සැකකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.