නියඟ අස්සේ පැතිරෙන රෝග ගැන අවධානයෙන්.

Sri Lanka GMOA Sri Lanka
By Wayomi Aug 09, 2023 11:21 AM GMT
Wayomi

Wayomi

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ දිවයිනට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍ර අපිරිසිදු වී ඇති බවයි.

මේ හේතුව නිසාම ඉදිරියේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද එම සංගමය සඳහන් කරනවා.

එයි සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසන්නේ, උණුකර නිවාගත් ජලය පානය කිරීමෙන් මෙම රෝගවලින් වැළකීමට හැකියාව ලැබෙන බවයි. 

වෛද්‍ය විජේසිංහ මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"මේ නියං සමයත් එක්ක සාමාන්‍ය ජල මුලාශ්‍ර සිඳී යෑම නිසා ජලය සපයා ගැනීම ජනතාවට දැඩි ගැටලුවක් බවට පත්වෙමින් පවතිනවා. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලට යනකොට, දුෂ්කර ප්‍රදේශවලට යනකොට මේ තත්ත්වය බරපතළ තත්ත්වයක් බවට පත්වෙමින් තියෙනවා. එහිදී ළිං, නළ ළිං ආදිය මේ නියං තත්ත්වය සමග සිඳීයෑම නිසා ජනතාවට පානීය ජලය සොයාගැනීම දැඩි දුෂ්කරතාවයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා තිබෙන ජල මුලාශ්‍රවලින් ජලය සපයා ගන්න ඔවුන් උත්සාහ කරනවා. එහිදි ඒ ජල මුලාශ්‍රවල යම් යම් අපිරිසිදුවීම් විෂබීජ ආසාදනයන් තිබීමට යම් සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා ඉදිරියේ දී මේ ජල මුලාශ්‍රවලින් මේ ජනතාව ජලය භාවිත කරන විට පාචනය හා අතීසාරය වැනි රෝග තත්ත්වයන් මතුවීමේ යම් අවදානමක් තියෙනවා. ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබ පානය කරන ජල මුලාශ්‍රය පිරිසිදු නොවන බවට ඔබට යම් සැකයක් තියෙනවා නම් අඩුම තරමේ ඒ ජලය උණුකර නිවා පානය කරන්න."

ReeCha