රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් සිදු වූ දේ ගැන විශේෂ දැනුම්දීමක්..

Report

නිකුත්කර ගැනීමට නොහැකි වූ රියැදුරු බලපත්‍ර ලක්ෂ 04ක් පමණ තවමත් ගොඩගැසී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පැවසුවේ, පසුගිය කාලසීමාව තුළ රියැදුරු බලපත්‍ර ලක්ෂ අට හමාරක් පමණ නිකුත් කර ගැනීමට නොහැකිව තිබූ බවයි.

මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය ගන්න යන තීරණය මෙන්න.(VIDEO)

මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය ගන්න යන තීරණය මෙන්න.(VIDEO)


එය මේ වනවිට ලක්ෂ 04ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ, දැනට සිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය දිවා සහ රාත්‍රි කාලයේ අඛණ්ඩව සේවයේ නිරත වෙමින් දෛනිකව රියැදුරු බලපත්‍ර 10,000ක් පමණ නිකුත් කරන නමුත් රියැදුරු බලපත්‍ර තැපැල් මගින් බෙදා හැරීමේදී යම් ප්‍රමාදයක් පවතින බවයි.

මෙරට දුම්රියකදී ඉන්දීය තරුණියකට සිදු වූ අකරතැබ්බය මෙන්න..(PHOTO)

මෙරට දුම්රියකදී ඉන්දීය තරුණියකට සිදු වූ අකරතැබ්බය මෙන්න..(PHOTO)


එහෙත් රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය එළැඹෙන ජූලි මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බවයි, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.