ලක්ෂ 06කගේ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරයි..
Sri Lanka Politician
Government Of Sri Lanka
Driving Licence
Department of Motor Vehicles
By Aruna
ආබාධ සහිත පුද්ගලයන් සඳහා රියදුරු බලපත්‍ර ඉල්ලුම් කිරීමේදී වෛද්‍ය සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගේ අත්සනින් යුතුව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට වෛද්‍ය වාර්තා ලබා ගැනීමෙන් පසු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත තමන් අපේක්ෂිත වාහන පංතිය සඳහා අයදුම් කළ හැකි වීම, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයා විසින් ආබාධ සහිත අයදුම්කරුගේ වෛද්‍ය වාර්තාව ලබා දිය යුතු වීම ආදී කරුණු 10 ක් යටතේ ඒ සඳහා ඉල්ලුම් කිරිමටයි.
මේ වනවිට රියදුරු බලපත්‍ර ඉල්ලුම් කර ඇති ආබාධිත පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 6 කට ආසන්න බවයි පැවසෙන්නේ.