දළේ කැඩූ රියදුරු රිමාන්ඩ්

Sri Lanka Police Sri Lanka Crime Law and Order Ivory Coast
By Zara Mar 07, 2025 04:14 PM GMT
Zara

Zara

Report

හබරණ - මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී ඇතෙකු ලොරි රථයක ගැටීමේ සිද්ධියට අදාළව එහි රියදුරු ලබන 21 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔහු අද (07) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

එහිදී මෙම අනතුර සම්බන්ධයෙන් ගනේවල්පොළ වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

සැකකාර ටිපර් රථ රියදුරා අධිකරණයට ඉදිරිපත් කරමින් ගනේවල්පොළ වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරින් සඳහන් කලේ අනතුරෙන් ඇතාගේ එක් දළක් කැඩි සිරුරෙන් වෙන් වී ගොස් මාර්ගය මත වැටී තිබූ බවයි.

සැකකාර ටිපර් රථයේ රියදුරු එය නොනවත්වාම ධාවනය කර පලා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ද ඔවුන් අධිකරණය හමුවේ සදහන් කළා.

එසේම, මෙම ඇතා සුමේධ නමින් ප්‍රචලිත ඇතා බවට සැක කරන බවත්, එය තවමත් තහවුරු වී නොමැති බවත් අධිකරණයේදී කරුණු අනාවරණය වුණා.

මෙම නඩුවට අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ලෝක සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජකයින් වෙනුවෙන් ද නීතිඥවරයෙකු පෙනී සිට තිබුණා.

කෙසේ වෙතත්, අනතුරින් පසුව තුවාල ලැබූ ඇතා හබරණ කැලයට ඇතුලු වී ඇති අතර,එම ඇතා සොයා වනජිවි නිලධාරින් මේ වන විට මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

මත්තල ගුවන්තොටුපළ ගැන රජය ගත් තීරණය!

මත්තල ගුවන්තොටුපළ ගැන රජය ගත් තීරණය!

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

ReeCha