මේ අයගේ ලයිසන් එක අවුරුදු දෙකකට තහනම් - පොලීසියෙන් ප්‍රකාශයක්

Report

මෝටර් රථ රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ ජුනි මාසය සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඒ.ජේ. සේනාධීර පැවසීය.

ඊට අදාළ ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඩිජිටල් අර්ථික අමාත්‍යාංශය යන ආයතනවල විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් සකස් කරමින් පවතින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්දී ඇත.

ලග්න රැසකට සුභ අසුභ කැන්දන නොදැන එළියට බැස්සොත් වැඩ වරදින අද ලග්න පලාපල

ලග්න රැසකට සුභ අසුභ කැන්දන නොදැන එළියට බැස්සොත් වැඩ වරදින අද ලග්න පලාපල

නව ක්‍රමවේදය යටතේ, GovPay මගින් දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ සේවාව ආරම්භ කිරීමත් සමඟ, රියැදුරු රථවාහන වැරැදි සඳහා ලබාගන්නා අකුසලතා ලකුණු ගණනය කෙරේ.

එක් රියැදුරුට උපරිම අකුසලතා ලකුණු 24ක් ලබා දී ඇති අතර, මෙම සියලුම ලකුණු අහිමි වුවහොත් එම රියැදුරෙකුගේ රිය බලපත්‍රය වසර දෙකකට අත්හිටුවනු ලැබේ.

අද තද සුළං සහ ප්‍රබල අකුණු සමඟ කාලගුණයත් උඩු යටිකුරු වෙයි

අද තද සුළං සහ ප්‍රබල අකුණු සමඟ කාලගුණයත් උඩු යටිකුරු වෙයි