"කොවිඩ් රැල්ල පාලනය කළ නොහැකියි..කනගාටු වෙනවා"..?

covid19 lock down spreading delta variety dr lakkumar fernandoo
By Sewvandhi Aug 17, 2021 02:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එන්නත්කරණය කෙතරම් වේගවත් කළද මේ වන විට ඇති වී තිබෙන කොවිඩ් රැල්ල පාලනය කළ නොහැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසන බව අද (17) පුවත්පත් වාර්තා කර තිබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා මෙම කරුණු සඳහන් කර තිබෙන අතර තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දුන් බව ද එම පුවත්පත් වාර්තා වේ සඳහන්.

“වේගවත් එන්නත් ක්‍රියාවලියකින් ලෝකයේ අනෙක් රටවලට වඩා අපි ඉදිරියෙන් සිටිනවා. නමුත් අපිට මේ වගේ එන්නත් ක්‍රියාවලිය මඟින් ගන්න තිබුණු උපරිම වාසිය ගන්න පෙර අපි මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීම ගැන කනගාටු වෙනවා. අද, හෙට, අනිද්දා, ලබන සුමානේ තියෙන රැල්ල නවත්වන්නට මේ එන්නත්කරණයට බෑ. මේ එන්නත්කරණයට පුළුවන් ඉදිරියේදී එන රැලි නවත්වන්න.”

“අපි ජූලි 21 වැනිදා පැවැති සංචරණ සීමා ඉවත් කරනකොටත් දෙමටගොඩ ප්‍රදේශයෙන් ඩෙල්ටා වයිරසය හමුවෙලා තිබුණා. දැන් අපි වටේ ඉන්න මිනිස්සු අතරින් ගොඩාක් දෙනකුට වයිරසය තියෙනවා.” මේ අතර,

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති ප්‍රතිශතය මේ වන විට 15%ක් වැනි අගයක් ගන්නා බවයි. “90%ක ප්‍රතිශතයකට එන්නත් දුන්නා කිව්වාට ඒ ගොඩක් අයට දීලා තියෙන්නේ එක් මාත්‍රාවක් පමණයි. මාත්‍රා දෙකම අරන් සති දෙකක් ගත වුණාට පස්සෙ තමයි එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ.

එතකොට තමයි වසංගතය පාලනය වෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වයට රට පත් වෙන්න තවත් මාස එකහමාරකට වැඩි කාලයක් ගත වෙයි. ඒ කාලය වෙනකම් සිදුවන කොවිඩ් මරණ, කොරෝනා ආසාදනය වීම් පාලනය වෙන්නෙ නෑ. එන්නත්කරණය නිසා” “දැන් තත්ත්වය දරුණු වෙලා ඉවරයි. දැන් ඉතින් ආණ්ඩුවට බැනලා වැඩක් නෑ.

ආණ්ඩුවට බැන්නා කියලා මේ වසංගතය පාලනය වෙන්නෙ නෑ. අපිට කරන්න තියෙන්නේ තම තමන්ව ලොක්ඩවුන් කර ගන්න එක විතරයි. වෙන විකල්පයක් නෑ. නෑදෑයින් තියා අම්මා තාත්තාවත් බලන්න යන්න එපා කියලයි අපි කියන්නේ. පුළුවන් තරම් ගෙදරම ඉඳලා තමන්වම ලොක්ඩවුන් කර ගන්න”

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

සෞඛ්‍ය අමාත්‍යාංශය දත්ත කළමනාකරණයේදී දැඩි නොහැකියාවක් පෙන්නුම් කරනවා-: 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now