දුෂ්කර පාසලකට එසේ මෙසේ නොවන පරිත්‍යාගයක්.... හමුදාවේ කර්නල්වරයා

Sri Lanka Army Facebook Anuradhapura Sinhala news
By Akash Apr 07, 2025 02:30 AM GMT
Akash

Akash

Report

හමුදාවේ කර්නල්වරයෙක් විසින් සිය ජන්ම දිනයදා අනුරාධපුරේ දුෂ්කර පාසලකට තමන්ගේ කැබ් රථය පරිත්‍යාග කර තිබෙනවා ඔහු මේ පිළිබඳව ෆේස්බුක් හි සටහනක් තබමින් සඳහන් කර තිබුනේ මෙවැන්නක්.

රටවල් 13කට සෞදියෙන් තාවකාලික වීසා තහනමක්

රටවල් 13කට සෞදියෙන් තාවකාලික වීසා තහනමක්

" අදට යෙදී තිබෙන මාගේ උපන් දිනයට සමගාමීව පවත්වනු ලබන පින්කම් මාලාවේ ආරම්භය සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් මහත් වූ කැපකිරීමක් සිදුකරන ස්වාමීන් වහන්සේලා හට උන්වහන්සේලා ගිලන් වූ අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර සඳහා දුර බැහැරට වැඩම කරවීමට, දුෂ්කර පළාත් වල පාංශුකූල සඳහා ස්වාමීන් වහන්සේලා වැඩම කරවීමට පාපැදියක්වත් නොමැති හැකියාවක් නොමැති අසරණවූ මිනිසුන් වෙනුවෙන් ඒ ආදී කටයුතු සඳහා වැඩම කරවීමට, ධර්ම දේශනාදී කොටගත් පින්කම් සඳහා දුර බැහැරට වැඩම කරවීමට යනාදී කොටගත් ශාසන හිතවාදී සියලු කටයුතු කාරණා සඳහා වැඩම කරලීමට මා විසින් ධාර්මිකව උපයාගත් ධන පරිත්‍යාගයෙන් මෝටර් රථයක් සාංඝිකව පූජා කළෙමි.

ජුනි මාසයේදී මැතිවරණයක්

ජුනි මාසයේදී මැතිවරණයක්

අප දරණ මති මතාන්තරයන් පින් පව් අනුව වෙනස් වන පසුබිමක බුදුරජාණන් වහන්සේ වදාළා වූ ධර්මයෙහි සහ ක්‍රියාවෙහි එදවස පාගමනින් වැඩම කිරීම ගිරි දුර්ග අතරින් මාර්ග පද්ධතියක් හෝ ප්‍රවාහන මාධ්‍යයක් නොමැති පසුබිමක එදවස කාලෝචිතයැයි සිතමි. එදවස සාමාන්‍ය ජනතාවද භාවිත කළ ප්‍රවාහන මාධ්‍ය එයම විය. නමුත් වර්තමාන තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් පසුබිමක විනය කර්ම නොවන්නා වූ ගමනාගමනය උචිත මාධ්‍යයකින් භාවිතා කළ හැකිය.

එය මා දරණ පෞද්ගලික මතයක් පමණි. එසේ හෙයින් මේ පින් සතුටින් අනුමෝදන් කරගනු ඇතැයි අපේක්ෂා කරමි..." 

දෙවුන්දර තරුණ ඝාතනයේ වෙඩික්කරු පොලිස් දැලේ!

දෙවුන්දර තරුණ ඝාතනයේ වෙඩික්කරු පොලිස් දැලේ!

ගින්නකින් 04ක් මියගොස් (VIDEO)

ගින්නකින් 04ක් මියගොස් (VIDEO)


ReeCha