හිරුට සාධාරණය ඉල්ලා නාමලුත් පෙරට.. - නාමල් ආණ්ඩුවට සැර වෙයි
පසුගිය දිනවල රටේ ඇති වූ ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු රටට දැනුම් දුන් පුද්ගලයින්ට සහ මාධ්‍ය ආයතනවලට දඬුවම් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එසේම, සූරියකන්ද පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිලධාරියෙකු සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතර ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අදාළ මන්ත්‍රීවරයා විසින් පොලිස් නිලධාරියාට පහර දුන් බවත්, නමුත් මේ වන තෙක් ඔහු අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය.
ඒ වෙනුවට, මෙම සිද්ධිය පිළිබඳ රටට තොරතුරු ලබා දුන් මාධ්‍ය ආයතන මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු ම්,මන්ත්‍රී නාමල් රාජපක්ෂ;
“අපි දැක්කා පහුගිය දිනක මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගංජා වවලා තිබ්බා. හැබැයි ගංජා අල්ලන්න ගියපු පොලිසියේ නිලධාරියට පහර දුන්නා. අනිත් එක්කෙනාව ස්ථාන මාරු කරා. පහර දීලා ගුටි කාපු කෙනා හිරේ ගිහිල්ලා තියෙනවා. අර ‘ඌ මට ගැහුවා, මට ඌ ගැහුවා’ වගේ. ගුටිකාපු කෙනා හිරේ. ගහපු කෙනා එළියේ. ගංජා අයිතිකාරයත් එළියේ. අල්ලපු නිලධාරියා හිරේ. ගහපු මන්ත්‍රීත් එළියේ.”
“හැබැයි ඒ පිළිබඳව රටට ලෝකෙට දැනුවත් කරා කියලා මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා.”
“පොලිසියේ පොලිස්පතිවරයටත් ලැජ්ජ නැහැ තමන්ගේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා දම්මලම මේ කාරණය පිළිබඳව රටට කියන්න. මොකද මේ හංදියක් හංදියක් ගානේ වෙඩි තියලා මනුස්ස ජීවිත නැති කරනවා සංවිධානාත්මක අපරාධකරුවන්. ඒවා හොයන්න වෙලා නෑ. අනිත් පැත්තෙන් පොලිසියේ ගෞරවය ආරක්ෂා කරන පොලිස් නිලධාරියාගේ ගෞරවය ආරක්ෂා කරන පොලිස්පතිවරයා හෝ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා මැදිහත් වෙන්නේ නෑ.”