රුපියල ශක්තිමත් වීමේ වාසිය කාට ද? රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්.. සියල්ල මුදල් ඇමති කියයි..
Dollar to Sri Lankan Rupee
Ranjith Siyambalapitiya
Sri Lanka
Ministry of Finance Sri Lanka
Dollars
By krishani
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දීම සදහා වැඩපිළිවෙලක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.
ඒ රජය ගත් සුවිශේෂි ආර්ථීක තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස බව ඔහු සඳහන් කළේ ය.
ඊයේ (19) රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
වෙළඳපොලේ ඇති භාණ්ඩවලින් 75% ක් පමණ ආනයනික භාණ්ඩ බැවින් ඩොලරයේ අගය අඩුවන විට ඊට සාපේක්ෂව එම භාණ්ඩවල මිල ගණන් ද සාධාරණ කාලසීමාවක් තුළ අඩුවිය යුතු ය.
එමෙන්ම භාණ්ඩ මිල අඩු කිරීම පිළිබඳ සොයා බැලීම සදහා මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික සේවා අධිකාරිය හා එක්ව සමීක්ෂණයක් ද සිදු කරන බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |