අධික වැසි හමුවේ ආපදා මැද ශ්‍රී ලංකා රුපියලත් තව දුරටත් අවප්‍රමාණය වෙයි - අද ඩොලරයේ මිල ගණන් මෙන්න

Report

අද දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 327 දක්වා ඉහළ ගොස් තිබේ.

සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය පිළිවෙලින් රු. 317.75 සිට රු. 318.25 දක්වා සහ රු. 325.50 සිට රු. 326.50 දක්වා ඉහළ ගොස් තිබේ.

NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය පිළිවෙලින් රු. 318.75 සිට රු. 320.50 දක්වා සහ රු. 325.25 සිට රු. 327 දක්වා ඉහළ ගොස් තිබේ.

රැකියාවෙන් පස්සෙත් රජ සැප - තේ කර්මාන්තයේ අයට 25,000කට වැඩි විශ්‍රාම වැටුපක්

රැකියාවෙන් පස්සෙත් රජ සැප - තේ කර්මාන්තයේ අයට 25,000කට වැඩි විශ්‍රාම වැටුපක්

මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 318.79 සිට රු. 320.27 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතිකය ද රු. 325.82 සිට රු. 327.33 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 317.27 සිට රුපියල් 318.76 දක්වා සහ රුපියල් 325.75 සිට රුපියල් 327.25 දක්වා ඉහළ ගොස් තිබේ.

සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 319.25 සිට රුපියල් 320.75 දක්වා සහ රුපියල් 325.75 සිට රුපියල් 327.25 දක්වා ඉහළ ගොස් තිබේ.

GalleryGalleryGalleryGalleryGallery